රතන හිමිට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
සමුද්‍රීය අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (IORA) සාමාජිකයකු වශයෙන් සමුද්‍රීය ආරක්ෂාව සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ගනු ලැබ ඇති විවිධ මූලාරම්භයන් සැලකිල්ලට ගනිමින්, පොදු අධ්‍යයනයන් මඟින් ලබා ගනු ලබන දැනුම සහ ක්‍රියා මාර්ග කලාපය පුරා බෙදා හැරීමට හැකි වන පරිදි ප්‍රංශ රජය විසින් "කලාපීය සමුද්‍රීය අධ්‍යයන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා වඩාත් යෝග්‍ය ස්ථානය වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගනු ලැබ ඇත.
යෝජිත මධ්‍යස්ථානය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තුළ පිහිටු වීමටත්, ඒ සඳහා අවශ්‍ය සහාය සහ යටිතල පහසුකම් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨය මඟින් ලබා ගැනීමටත් යෝජනා වී තිබේ.
ඒ අනුව යෝජිත " කලාපිය සමුද්‍රීය අධ්‍යයන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට අදාලව ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශ රජය අතර ද්වීපාර්ශ්වික ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.