දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව නව නායකත්වය යටතේ සහ නව පුහුණුකාරීත්වය යටතේ එක්වන පළමු එක්දින ක්‍රිකට් තරගාවලියද මෙයයි.
චරිත් අසංලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයින් ඇතුළත් ය.
මෙම තරගාවලියේදී රෝහිත් ශර්මා ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර සුපිරි ක්‍රීඩක විරාත් කෝලිද සංචිතය සමග එක්ව සිටී.
ශුබ්මන් ගිල්, ලෝකේෂ් රාහුල්, රිෂාබ් පාන්ට්, මොහොමඩ් සිරාජ්, කුල්දීප් යාදෙව් සහ අර්ෂ්දීප් සිං වැනි ක්‍රීඩකයින්ද ඉන්දීය සංචිතයට ඇතුළත් ය.