චිකුන්ගුන්යා රෝගයේ වසංගත අවධානමක්
මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගයේ වසංගත තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අඟහරුවාදා හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට උපකාරයක් ලෙස දුෂ්කර පාසල්වලට ආධාර, උපකාර කරන ලෙස තමන් ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙම මාසය අවසන් වන විට ඔහුට ලංකාවේ එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්සරය නිමිත්තෙන් අද (24) පැවති උත්සවයට එක්වෙමිනි.
"පසුගිය වසර 04ක් අප අධ්‍යාපනය සඳහා වියදම් සීමා කර තිබුණා. ඒ නිසා අපට දැන් අධ්‍යපනය වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුව තිබෙන අතර නව තාක්ෂණය සමඟ පාසල් පද්ධතිය ගොඩනැඟිය යුතු වෙනවා. අද අපි මෙම ප්‍රදර්ශනයේදී විද්‍යාලයේ සිසුන් පිරිසක් නිෂ්පාදනය කළ ඩ්‍රෝන යන්ත්‍ර දුටුවා. ඒ වගේම පාසල්වල කෘත්‍රීම බුද්ධි (AI) සමාජය ඇති කරගෙන යනවා. මෙම කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. ඒ වගේම පාසල් සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගත යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙම ගැටලු විසඳීමට කරන උපකාරයක් ලෙස දුෂ්කර පාසල්වලට ආධාර, උපකාර කරන ලෙස මම ඊලොන් මස්ක් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම මාසය අවසන් වන විට එතුමාට ලංකාවේ එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම පාසල් අධ්‍යාපනය නිම කරන තරුණ තරුණියන් පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. අපට වසර 04ක් රැකියා ලබා දීමට නොහැකි වුණා. ඉදිරියේදී මෙම පිරිස තවත් වැඩි වෙනවා. ඒ සඳහා අප විසඳුමක් සොයා දිය යුතුයි. මෙම ප්‍රශ්න වැඩි වුණොත් නැවත රට තුළ විරෝධතා ඇතිවිය හැකියි. එවිට ජාත්‍යන්තරය එය දකිනවා. එසේනම් රැකියා ආදායම් මාර්ග ඇති කිරීමට රට තුළ විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගයේ වසංගත තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අඟහරුවාදා හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබේ.
වන අලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ප්‍රදේශීය පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාදෙන මෙන් වනජිවී දෙපාර්තමේන්තුව පොලිස්පති ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් අද (23) පෙරවරුවේ අතුරු ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී කථානායක ජගත් වික්‍රමරත්න ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.