ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්සරය නිමිත්තෙන් අද (24) පැවති උත්සවයට එක්වෙමිනි.
"පසුගිය වසර 04ක් අප අධ්‍යාපනය සඳහා වියදම් සීමා කර තිබුණා. ඒ නිසා අපට දැන් අධ්‍යපනය වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුව තිබෙන අතර නව තාක්ෂණය සමඟ පාසල් පද්ධතිය ගොඩනැඟිය යුතු වෙනවා. අද අපි මෙම ප්‍රදර්ශනයේදී විද්‍යාලයේ සිසුන් පිරිසක් නිෂ්පාදනය කළ ඩ්‍රෝන යන්ත්‍ර දුටුවා. ඒ වගේම පාසල්වල කෘත්‍රීම බුද්ධි (AI) සමාජය ඇති කරගෙන යනවා. මෙම කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. ඒ වගේම පාසල් සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගත යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙම ගැටලු විසඳීමට කරන උපකාරයක් ලෙස දුෂ්කර පාසල්වලට ආධාර, උපකාර කරන ලෙස මම ඊලොන් මස්ක් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම මාසය අවසන් වන විට එතුමාට ලංකාවේ එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම පාසල් අධ්‍යාපනය නිම කරන තරුණ තරුණියන් පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. අපට වසර 04ක් රැකියා ලබා දීමට නොහැකි වුණා. ඉදිරියේදී මෙම පිරිස තවත් වැඩි වෙනවා. ඒ සඳහා අප විසඳුමක් සොයා දිය යුතුයි. මෙම ප්‍රශ්න වැඩි වුණොත් නැවත රට තුළ විරෝධතා ඇතිවිය හැකියි. එවිට ජාත්‍යන්තරය එය දකිනවා. එසේනම් රැකියා ආදායම් මාර්ග ඇති කිරීමට රට තුළ විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා."