කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසීය.
අද (07) දින සිට 14 ක් ඇතුළත එම පැමිණිලි විභාග කර අවසන් කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා සියලුම උසස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඉකුත් මැතිවරණ කාල සීමාව තුළ 65,000 කට අධික පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් විශේෂ රාජකාරී සඳහා යොදවා තිබූ අතර එම කාල සීමාව තුළ දිවයිනේ පොලිස් ස්ථානවල විවිධ පැමිණිලිවල ගොඩගැසීමක් දක්නට ඇති බව වැඩ බලන පොලිස්පතිවරයාට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව යි පැවසෙන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.