කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මෙවර මහ මැතිවරණය අදාළව ඊයේ (04) දිනය වනවිට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඊයේ දිනය තුළ පමණක් ස්වාධීන කණ්ඩායම් 36 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර මේවන විට මැතිවරණ කොට්ඨාස 22 න් 21 ක් සඳහා ස්වාධින කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත.
කෙසේ නමුත් මාතලේ මැතිවරණ කොට්ඨාසය සඳහා කිසිදු පාර්ශවයක් ඊයේ දිනය වනවිට ඇප මුදල් තැන්පත් කර නොතිබූ බවයි කොමිෂන් සභාව පැවසුවේ.
ජනසෙත පෙරමුණ පක්ෂය යාපනය සහ වන්නි මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් නාම යෝජනා භාර දී ඇති අතර ස්වාධීන කණ්ඩායම් තුනක් ද ඊයේ නාමයෝජනා භාර දී තිබේ.
මෙවර මැතිවරණය සඳහා නාම යොජනා භාර ගැනීම ඊයේ ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12 දක්වා නාම යෝජනා භාර ගැනීමට නියමිතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.