CLOSE

පුවත්

දේශපාලකයන් පාසල් උත්සවවලට ගෙන්වීම වහාම නතර කරන්න - අගමැතිනිය

දේශපාලකයන් පාසල් උත්සවවලට ගෙන්වීම වහාම නතර කරන්න - අගමැතිනිය

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

සා/පෙළ ප්‍රතිඵල 30ට පෙර

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදාට (30) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

Read More

ජනතාවට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන්න - ජනපති

ජනතාවට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට කැප වන ලෙසත්, විදෙස් ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් පත් කිරීමටත්, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

පොහොර සහනාධාරය රු.15,000 සිට රු.25,000 දක්වා ඉහළට

2024 /25 මහ කන්නය සඳහා හෙක්ටෙයාරයකට ලබා දෙන රුපියල් 15,000 පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන්නේ ය.

Read More

නවකවදය වැළැක්වීමට මාර්ගෝපදේශ මාලාවක්

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Read More

විභාග කොමසාරිස් ජනරාල් සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මානව හිමිකම් කොමිසමට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිට වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අද (26) දිනයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

Read More

මෙරට පියයුරු පිළිකා මරණ ඉහළට : වසරකට රෝගීන් 5,500ක්

ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

Read More

ශ්‍රී ලංකාව ගැන මූඩීස් කරුණු පහදයි

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළින් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගමන්මග කැපීපෙනෙන වෙනසකට ලක් නොවනු ඇතැයි මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව පවසයි.

Read More