ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී.
මේ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍ය සහාය වි.ගැ.හි. බිලියන 1.02ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.34ක් පමණ වේ.
වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසයි.
සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර 2024 වසරේ දෙසැම්බර් මස අවසානය සඳහා වූ අනෙකුත් සියළුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරාගන්නා ලදී. 2025 වසරේ ජනවාරි මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත.
මෑතක දී අවසන් කරන ලද ණය ප්‍රතිව්‍යූහගතකරණ කර්තව්‍යයන් ණය තිරසාරභාවය ඇති කිරීම සඳහා වන ගමන් මගෙහි සාර්ථක ප්රතිඵලයකි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.