CLOSE

පුවත්

ව්‍යවස්ථා සංශෝධන ගැන බිය නොවන්න - ජනපති

ව්‍යවස්ථා සංශෝධන ගැන බිය නොවන්න - ජනපති

සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

රටේ ජාතික සම්පත තරුණ පරපුරයි, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවේ - රනිල්

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

Read More

රේගුවේ මහා හොරයක් : සිවු දෙනෙකුගේ වැඩ තහනම්

රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කළ බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

Read More

ශ්‍රීලංකන් විකිණීම නවතා දමයි

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ගර්භිණී කතුන් සහ ළමුන්ගේ සෞඛ්‍ය ගැන හෙළිදරව්වක්

පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබේ.

Read More

ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ ව්‍යවසාය පණ ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක්

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

මෙරට තුළ අත්හිටවූ ව්‍යාපෘති නැවත ඇරඹීමට ජපාන අවධානය

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ (Dr. IZUMI Hiroto) පැවසීය.

Read More

හිටපු බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

Read More

කන්ජිපානිට රටින් පැනයෑමට උපකාර කළ නීතිඥයෝ කවු ද?

පොලීසියට අවශ්‍යව සිටින කන්ජිපානි ඉම්රාන් සහ ගනේමුල්ලේ සංජීවට රටින් පැන යෑම සඳහා උපකාර කළේ ඔවුන්ගේ නීතිඥයින් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසී ය.

Read More

ජාත්‍යන්තරය ගැන උතුරේ මවුවරු කනස්සල්ලෙන්

අතුරුදහන්කළ උතුරු නැගෙනහිර දමිළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව පෙනී සිටියත්, මේ දක්වා අරගත් ක්‍රියාමාර්ග කිසිවක් සාර්ථක කර ගැනීමට ජාත්‍යන්තරය අසමත් වූ බවට උතුරේ මවුවරු දැඩි කනස්සල්ල පළ කර තිබේ.

Read More