මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී ඇත
ඒ අනුව ඔක්තෝම්බර් 11 වන දින සිට යළි මහජන සහන දිනය ආරම්භ කිරීමටයි තීරණය කර තිබේ.
මේ අනුව ඔක්තෝම්බර් 11 සිට රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනකම පෙ.ව 9.00 ට කොළඹ 02, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, අංක 140 ලිපිනයේ ස්ථාපිත නව පොලිස් මූලස්ථානයේදී මහජන දිනය පැවත්වෙනු ඇත.
පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශ මගින් තම පැමිණිලි සඳහා අපේක්ෂිත සහනයන් ලබාගැනීමට නොහැකිවූ අයට මෙමගින් සහන සලසා ගත හැකියි.
එහිදී ඔවුන්ට සෘජුවම පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙතින් කඩිනමින් විසඳුම් ලබාගැනීමට අවස්ථාව උදාවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.