කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති CID අත්අඩංගුවට
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී ඇත
ඒ අනුව ඔක්තෝම්බර් 11 වන දින සිට යළි මහජන සහන දිනය ආරම්භ කිරීමටයි තීරණය කර තිබේ.
මේ අනුව ඔක්තෝම්බර් 11 සිට රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනකම පෙ.ව 9.00 ට කොළඹ 02, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, අංක 140 ලිපිනයේ ස්ථාපිත නව පොලිස් මූලස්ථානයේදී මහජන දිනය පැවත්වෙනු ඇත.
පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශ මගින් තම පැමිණිලි සඳහා අපේක්ෂිත සහනයන් ලබාගැනීමට නොහැකිවූ අයට මෙමගින් සහන සලසා ගත හැකියි.
එහිදී ඔවුන්ට සෘජුවම පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙතින් කඩිනමින් විසඳුම් ලබාගැනීමට අවස්ථාව උදාවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.