මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
සුපිරි සඳක් හා අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද දිනයේ ලොව පුරා බොහෝ දෙනෙකුට දැකගැනීමට අවස්ථාව හිමිවන බව නාසා ආයතනය පවසයි.
ඒ අනුව, බ්‍රහස්පතින්දා අලුයම දක්වා සුපිරි හඳ දිස්වනු ඇති බවයි පැවසෙන්නේ.
රාත්‍රී අහසේ චන්ද්‍රයා විශාල හා දීප්තිමත් ලෙස දිස්වීම සුපිරි සඳක් ලෙස සැලකෙන අතර සුපිරි සඳක් දැකගත හැකිවන්නේ චන්ද්‍රයා තම කක්ෂයේ පෘථිවියට ආසන්නතම ස්ථානයේ පිහිටන විටයි.
එමෙන්ම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේ දිස් වනු ඇත.
මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ලතින් ඇමරිකාව, යුරෝපය හා අප්‍රිකාවේ සමහර රටවලට දැකගත හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.
නාසා ආයතනයට අනුව, පූර්ණ චන්ද්‍රග්‍රහණ දුර්ලභ සංසිද්ධියක් වන නමුත් අර්ධ චන්ද්‍රග්‍රහණ අවම වශයෙන් වසරකට දෙවතාවක්වත් සිදුවේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.