සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
සමහර දේශපාලන පක්ෂවල ලේකම්වරුන් දෙතුන් දෙනා සිටින බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු එම නියෝජිතයන් කැඳවා පසුගියදා සාකච්ඡා කළ නමුත් ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟත්වයට නොපැමිණීම හේතුවෙන් කොමිසම මෙම තීරණය ගත් බව එහි සභාපති ආනන්ද රත්නායක පැවසීය.
අධිකරණය හරහා හෝ ගැටලුව නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස එම පක්ෂ පහේ නියෝජිතයන්ට අනතුරුව දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.
මෙම පක්ෂ පහ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය කාලයේදී පැමිණිලි ගණනාවක් ලැබී තිබිණ.
මේ අතර දේශපාලන පක්ෂ පහළවක පමණ ලකුණු මාරු කිරීම් සහ නම් මාරු කිරීම් සම්බන්ධ ගැටලු පසුගිය දිනවල එම පක්ෂ නියෝජිතයන් කැඳවා විසඳු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.
(සුජිත් හේවාජුලිගේ- lankadeepa.lk)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.