මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
සමහර දේශපාලන පක්ෂවල ලේකම්වරුන් දෙතුන් දෙනා සිටින බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු එම නියෝජිතයන් කැඳවා පසුගියදා සාකච්ඡා කළ නමුත් ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟත්වයට නොපැමිණීම හේතුවෙන් කොමිසම මෙම තීරණය ගත් බව එහි සභාපති ආනන්ද රත්නායක පැවසීය.
අධිකරණය හරහා හෝ ගැටලුව නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස එම පක්ෂ පහේ නියෝජිතයන්ට අනතුරුව දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.
මෙම පක්ෂ පහ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය කාලයේදී පැමිණිලි ගණනාවක් ලැබී තිබිණ.
මේ අතර දේශපාලන පක්ෂ පහළවක පමණ ලකුණු මාරු කිරීම් සහ නම් මාරු කිරීම් සම්බන්ධ ගැටලු පසුගිය දිනවල එම පක්ෂ නියෝජිතයන් කැඳවා විසඳු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.
(සුජිත් හේවාජුලිගේ- lankadeepa.lk)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.