කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භක දිනය අවසානයේ දී, ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකිවුයේ ලකුණු 236ක් පමණි.
තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී අද (21) ආරම්භ විය.
කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත්වූ අතර ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට යි.
ඒ අනුව, පළමු ඉනිමේ පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ අසාර්ථක වූ අතර දිමුත්, නිෂාන් මදුෂ්ක , මැතිව්ස්, කුසල් මෙන්ඩිස් හා චන්දිමාල් ලකුණු 72ක් තුළ දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්විය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 84ක් තුළ ලකුණු 74ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබුවේ ය.
සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වූ මිලාන් රත්නායක අනගි සහායක් ධනංජයට ලබාදෙමින් පන්දු 135ක් තුළ ලකුණු 72ක් ලබා ගත්තේ ය.
හෙට තරගයේ දෙවෙනි දිනයයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.