කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් 20-20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) දඹුල්ලේ දී සමත් විය.
ඒ සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකාව ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ ශ්‍රී ලංකා - කොදෙව් 20-20 තරග ඉතිහාසයේ ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.
අද පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී තරගයේ 18වැනි පන්දුවාරයේදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.