දිවයිනේ ඇතැම් ස්ථානවලට අදත් (16) මිලිමීටර් 100 ඉක්ම වූ වැසි
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් නව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් අද (25) පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් පසුව විජිත හේරත් අමාත්‍යවරයා අද (25) පෙරවරුවේ එසේ පැවසීය.
නීති හා සාමය රැකීමේ වගකීම පොලිසියේ වගකීම වන නිසා එයට ඉඩ ප්‍රස්තාව දෙමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් වැරදි ක්‍රම වෙනස් කර දේශපාලන මැදිහත්වීම් නොමැති පොලිස් සේවයක් ඇති කළ යුතු බවත් විජිත හේරත් අමාත්‍යවරයා පැවසීය.
පසුගිය ආණ්ඩු යටතේ එවැනි දේ නොවීම නිසා ජනතාව තුළ විශ්වාසය බිඳ වැටී තිබූ බවත් පරණ සංස්කෘතිය වෙනස් කර අලුත් සංස්කෘතියක් ඇති කළ යුතු බවත් දේශපාලන වශයෙන් ජාතික ජනබලවේගයට හිතවත් කෙනෙක් වරදක් කළත් විශේෂයෙන් සැළකීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.