මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් නව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් අද (25) පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් පසුව විජිත හේරත් මහතා අද (25) පෙරවරුවේ එසේ පැවසීය.
නීති හා සාමය රැකීමේ වගකීම පොලිසියේ වගකීම වන නිසා එයට ඉඩ ප්‍රස්තාව දෙමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් වැරදි ක්‍රම වෙනස් කර දේශපාලන මැදිහත්වීම් නොමැති පොලිස් සේවයක් ඇති කළ යුතු බවත් විජිත හේරත් පැවසීය.
පසුගිය ආණ්ඩු යටතේ එවැනි දේ නොවීම නිසා ජනතාව තුළ විශ්වාසය බිඳ වැටී තිබූ බවත් පරණ සංස්කෘතිය වෙනස් කර අලුත් සංස්කෘතියක් ඇති කළ යුතු බවත් දේශපාලන වශයෙන් ජාතික ජනබලවේගයට හිතවත් කෙනෙක් වරදක් කළත් විශේෂයෙන් සැළකීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් "ගණේමුල්ල සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දිවයිනට රැගෙන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බැවින් අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.