නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට පත්වීම්
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබේ.
බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසු මෙම පහරදීම සිදුකර තිබුණි.
බේරුවල ධීවර වරාය ආසන්නයේදී පිරිසක් ඊයේ රාත්‍රියේ ලොරි රථයක නැග මාර්ගයේ බෞද්ධ කොඩි එල්ලා විදුලි ආලෝකකරණ කටයුතු සිදුකරමින් සිට ඇත.
එම ස්ථානය අසලින් ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම පිරිසට පවසා ඇත්තේ, මාර්ගය අවහිර නොකර එම කටයුතු සිදුකරන ලෙසය.
එහිදී දෙපාර්ශ්වය අතර නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරීන්ට එම පිරිස පහරදී ඇති බවය.
ඒ අනුව පිරිස පාලනයට පොලිසිය අහසට වෙඩි තබා තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබේ.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.
මේ වසර මුලදී අහඹු ලෙස හමුවූ විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි තැන ගන්නා සමූහ සුසාන සංකිර්ණයෙන් ජනාධිපතිවරයා උතුරේ සංචාරය කරන ඊයේ දින (01) පුද්ගලයන් 9 දෙනකුට අයත් අස්ථි අලුතින් මතු කරගෙන තිබේ.