ජනපති අනුර අද යාපනයට
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.
ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගකරුවන් තිදෙනා අතරට සවින්ද්‍රි පෙරේරා හෙවත් මිතුරන් අතර සව් යන ආදරණීය නමින් හැඳින්වෙන ශ්‍රී ලංකා තරගකාරිය තේරී පත්ව ඇත.
ශ්‍රී ලාංකේය අනන්‍යතාවය මතුකරමින් ඇය විසින් පිළියෙළ කළ ලම්ප්රයිස් බත ආහාරයට ගත් විනිසුරුවරුන් දෙදෙනෙකුගේම ඇස් කඳුලින් තෙත් කිරීමට සමත්වීම මෙහි විශේෂ සිදුවීමකි.
ඉකුත් තරග වටයේ දී මිමී, සව්, පෙසා සහ හැරී යන තරගකරුවන් අතර පැවති තියුණු තරග වටයකින් අනතුරුව හැරී තරගාවලියෙන් ඉවත් කෙරුණි.
ඒ අනුව එළඹෙන සඳුදා පැවැත්වීමට නියමිත අවසන් පූර්ව වටයේ දී මිමී, සව් සහ පෙසා තරගවදින අතර ඉන් ජයගන්නා දෙදෙනා අඟහරුවාදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට මුහුණ දෙනු ඇත. එහිදී ජයග්රාහකයාට ඕස්ට්‍රේලියානු ඩොලර් 2,50000 ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.
විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි තැන ගන්නා යුද පීඩිත උතුරෙන් මේ වසරේ මුලදී හමුවූ සමූහ සුසාන සංකිර්ණයෙන් අද වන විට හඳුනා ගෙන ඇති මිනිස් සිරුරු ප්‍රමාණය දෙසීය ඉක්මවා තිබේ.
වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.