ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 60 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී යෝජනාවක් ගෙන එන බවට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කරන්නේ කැනඩාව සහ එක්සත් රාජධානිය එක්ව මෙම යෝජනාව ගෙන එන බවට දේශීය මාධ්‍ය වාර්තා කර තිබුණත්, කැනඩාවෙන් එවැනි දැනුම්දීමක් මෙතෙක් සිදු කර නොමැති බව ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 60 වන සැසි වාරය සැප්තැම්බර් මස 08 වන දා සිට ඔක්තෝබර් 08 වන දා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී වනු ඇත.

එවැනි වාර්තාවක් යෝජනාවක් පැමිණියහොත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශවයෙන් අමාත්‍ය විජිත හේරත් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවත් එම අමාත්‍යංශ ප්‍රකාශකයා බීබීසී සිංහල සේවයට පවසා තිබේ.

 

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.