ක්‍රීඩා

2024 පැරිස් ඔලිම්පික් : අවසන් රන් පදක්කම දිනා ඇ.එ.ජ. පදක්කම් සටහනේ අංක එකට

2024 පැරිස් ඔලිම්පික් : අවසන් රන් පදක්කම දිනා ඇ.එ.ජ. පදක්කම් සටහනේ අංක එකට

පැරිසියේදී පිරිනැමෙන අවසන් රන් පදක්කම උදෙසා සත්කාරක ප්‍රංශයට එරෙහිව තරග වැදුණු ඇමරිකා එක්සත් ජනපද කාන්තා පැසිපන්දු කණ්ඩායම, උද්වේගකර තරගයක් අවසානයේ ජය ලබා ගැනීමෙන් පසු, එක්සත් ජනපදය 2024 ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද අයර්ලන්තයට එරෙහිව තරග බිමට

සංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත යි.

Read More

ලිංගික අනන්‍යතාව ගැන මතභේදයට තුඩුදුන් 'කෙලිෆ්' රනින් සැරසේ

ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ සුදුසුකම් පරීක්ෂණයකින් දිගින් දිගටම අසමත් වීම නිසා ලෝක ශුරතාවලියෙන් ඉවතට විසිවී වසරකට පසු, 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ඉමේන් කේලිෆ් සමත්ව තිබේ.

Read More

2024 පැරිස් ඔලිම්පික් : රන් පදක්කම් 24ක් දිනා ඇමරිකාව චීනය අභිබවයි

2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පළමු ස්ථානයේ සිටි චීනය අභිබවා පෙරමුණ ගැනීමට ඇමරිකාව සමත් වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

මෙරට ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලිවීමට අද ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිත යි.

Read More

මංතීරු කඩකිරීම නිසා අරුණ ගේ ප්‍රතිඵලය අහෝසි කරයි

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.

Read More

අරුණ 5වන තැනට

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (06) සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එම තරගයේ 05වන ස්ථානය හිමි විය.

Read More

අරුණ අද ඔලිම්පික් තරග බිමට

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් අරුණ දර්ශන අද (06) පැවැත්වෙන එම ඉසව්වේ අවසන් පූර්ව වටයට එක්වීමට නියමිතයි.

Read More

ලයිල්ස් තත්පර 0.005කින් මීටර් 100 රන් පදක්කම හිමිකර ගත් අයුරු

2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වේ ශූරතාව, තත්පරයෙන් පන්දහසින් පංගුවකින් ජැමෙයිකාවේ කිෂේන් තොම්සන් වෙතින් උදුරාගෙන තමන් සතු කරගැනීමට එක්සත් ජනපදයේ නෝවා ලයිල්ස් සමත් විය.

Read More