පුත්තලම කල්ලඩි මාර්ගයේ, අට්ටවිල්ලුව බෝධි රාජ අතුරු මාර්ගයේ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලිසියය පැවසුවේ අද (14) අළුයම සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබූවන් පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

එහිදී එක් පුද්ගලයෙකු පුත්තලම රෝහලේදීත් අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන එමින් සිටියදීත් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි අට්ටාවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා 16 හැවිරිදි පුත්තලම හතේ කණුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.