ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
2025 පළාත් පාලන මැතිවරණය ඡන්ද විමසීම අද (මැයි 6) සවස 4:00ට අවසන් විය.
ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මව්බිම වෙබ් අඩවිය සිදු කළ විමසීමකදී ප්‍රකාශ කර තිබුණේ, ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 55%ත් 60%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළේ යැයි උපකල්පනය කරන බව ය.
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම අද පෙරවරු 7:00 සිට පස්වරු 4:00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,759ක පැවැත්විණි.
පරිපාලන දිස්ත්‍රික්ක 25ක පළාත් පාලන ආයතන කොට්ඨාස 4,877ක එම ඡන්ද විමසීම සිදු කෙරිණි.
නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති, ඇතුළු සභිකයන් 8,287ක් පළාත් පාලන ආයතන සඳහා මෙම ඡන්දයෙන් තෝරා පත්වීමට නියමිත වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.