මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
අනිද්දා (14) පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාලව ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දෙයි.