පුවත්

ජනපති අනුර දකුණු අප්‍රිකානු හිටපු ජනපති හමුවෙයි

ජනපති අනුර දකුණු අප්‍රිකානු හිටපු ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක නිරතව සිටින දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති Thabo Mbeki සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ සිදු කර තිබේ.

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.

Read More

නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක්

නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව විසින් කටයුතු කර තිබේ.

Read More

ඉෂාරා රටින් පලාගොස් නැහැ - මහජන ආරක්ෂක අමාත්‍ය

ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි රටින් පළාගොස් ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

Read More

ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බැවින් එරට සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් එල්ලවිය හැකි ප්‍රහාරවලින් බේරීම සඳහා නිසි ආරක්ෂක උපදෙස් පිළිපදින මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලීමක් කර තිබේ.

Read More