පුවත්

රනිල් තරම් කෙනෙක් පොහොට්ටුවෙත් නෑ - ප්‍රසන්න

රනිල් තරම් කෙනෙක් පොහොට්ටුවෙත් නෑ - ප්‍රසන්න

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලකර කියා සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

විදුලිබලයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා අනුමත කළ ඇ.ඩො .මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවට සිය ස්තුතිය පළ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

Read More

ඡන්ද කාඩ් මුද්‍රණයට බර ගාණක් වියදම්

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මැතිවරණ කොමිසමට දන්වා ඇත.

Read More

කුලී නිවැසියන්ටත් සම අයිතිය

කුලී නිවැසියන්ගේ සහ ගෙවල් හිමියන්ගේ අයිතිවාසිකම් සමාන ලෙස ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන නව නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

උපෙ ඉසෙඩ් ලකුණට රස්සා

රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.

Read More

ජනාධිපතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විදිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

Read More

පොහොට්ටු වෘත්තීය සමිති ජන පීඩක වර්ජන කර නැහැ - නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කිසිදු වෘත්තීය සමිතියක් මහජනතාව අපහසුතාවයට, අසරණ තත්ත්වයට පත් කර ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කර නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් ආරම්භ කළ දුම්රිය වර්ජනය අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරිමට දුම්රිය සමිති තීරණය කළ බවට වාර්තාවේ.

Read More

සේවයට වාර්තා නොකළ සියලු දුම්රිය සේවකයින් තනතුරුවලින් ඉවතට

වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා "සේවය හැරගියා සේ සලකා" ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

Read More

සාක්ෂිකරුට අමතක දේ මතක් කළේ පොලිසිය : මේක මාධ්‍ය රංගනයක් - අනුර

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට ලක් කරමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කෙරෙන ආකාරය දැක්වෙන වීඩියෝපටය හුදෙක් මාධ්‍ය රංගනයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

Read More