පුවත්

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවක්

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවක්

පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා පිට මේ වන විට සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දී තිබේ.

මීමුරේදී වෑන් අනතුරින් මියගිය ගණන ඉහළට

හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ලාංකීය තරුණයන් රැගත් බස් රථයක් ඊශ්‍රායලයේ දී ගිනි ගනී

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයන් 20 දෙනකු රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

Read More

ඉතිහාසය, සෞන්දර්ය විෂයන් ඉවත් වෙයි ද? අගමැතිනිය පිළිතුරු දෙයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

Read More

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් කතක් අත්අඩංගුවට

රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වැලිගම මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි

වැලිගම, උඩුකාව ප්‍රදේශයේ පිහිටි වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාර ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

Read More

මාලිමාවට සහාය දුන් සජබ 6කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

බේරුවල නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කිරීමේදී ජාතික ජන බලවේගයට සහාය දුන් බේරුවල නගර සභාවේ සමගි ජන බලවේගයේ සාමාජිකයන් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Read More

විදෙස් ගත ලාංකිකයන්ට ඔන්ලයින් පාස්පෝට් ඉල්ලන්න අවසර

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල / කාර්යාල මඟින් මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

උඩුකය නිරුවතින් ගිය විදෙස් කතක් අත්අඩංගුවට

උඩුකය නිරුවතින් මාර්ගයක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට පත් විදේශ තරුණිය අද (15) අධිකරණය හමුවට පමුණුවන බව පොතුවිල් පොලිසිය පවසයි.

Read More

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පහරදීමකින් සිසුන් 4ක් රෝහලේ

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදීමක් සිදුකර ඇති අතර, තුවාල ලැබූ සිසුන් සිව්දෙනෙකු ඇතුළු පස්දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

Read More

වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More