ප්‍රමිතියකින් තොර ඖෂධ අලෙවි සැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
තමන්ට ලැබෙන වරදානවලට, මුදල් වලට ඇමැතිකම් වලට, එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
ඔහු මේ අදහස් පළ කළේ බියගම මල්වානේ පසුගියදා (08) පැවති මුස්ලිම් සහෝදරත්වයේ රැළිය අමතමිනි.
"මුස්ලිම් ජනතාවට විරුද්ධව විවිධ ජාතිවාදී සංවිධාන ගොඩනැගෙන්නේ යුද්ධය කාලයේ නොවෙයි, යුද්ධයෙන් පස්සේ. උතුරේ යුද්ධය අවසන් උණාට පස්සෙ ඒ අයට නැවත ගැටුමක් අවශ්‍ය වුණා. මහරගම විශාල විරෝධයක් දියත් කළා. ඒ වේදිකාවේ හිටියේ තිලංග සුමතිපාල. අද ඒ තිලංග සුමතිපාල සජිත් ප්‍රේමදාස එක්ක කරට අතදාගෙන ඉන්නවා. කොහොමද එහෙම වෙන්නේ. පොහොට්ටුවේ දෙවැනියාව සිටි ප්‍රසන්න රණතුංග, රනිල් එක්ක ඉන්නවා. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් සජිත් එක්ක ඉන්න අතර සජිත්ගේ සභාපති ෆොන්සේකා ඉන්නේ කොහේද? ස.ජ.බ. සභාපති එළියේ; පොහොට්ටුවේ සභාපති ඇතුලේ. මේ දේශපාලනය නතර කරන්න ඕනෑ නැද්ද? තමන්ට ලැබෙන වරදානවලට, සල්ලිවලට, ඇමති ධුරවලට, එහෙට මෙහෙට පනින දේශපාලනයක් අද අපේ රටේ තිබෙන්නේ. මේ දේශපාලනය අවසන් කළ යුතුයි."
එසේම, මාලිමාවේ රජයක් තුල පක්ෂ මාරු කිරීම තහනම් බවට නීතියක් පනවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ඊයේ (09) දින මාලබේ දී පැවසීය
ඕනෑම අයෙකුට පක්ෂ මාරු කිරීමට හැකියාව ඇතත් එක් පක්ෂයක සිට ජනතා ඡන්දයෙන් පැමිණ පක්ෂ මාරු කිරීම කල නොහැකි බවත් පක්ෂයක් මාරු කිරීමට අවශ්‍ය නම් වෙනත් පක්ෂයකින් නැවත ජනතා ඡන්දයෙන් පැමිණිය හැකි බවත් ඇය පැවසුවාය
මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඉවත් කිරීමට අධිකරණයට යාමට සිදු වූ බවත් එම තීරණය ලැබෙනතෙක් ඔවුන් ජනතා මුදල් විනාශ කිරීම සම්බන්ධයෙන් වගකීම ගැනීමට කිසිවෙකු නොමැති බවද ඇය වැඩි දුරටත් පැවසුවාය
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැද අද දින මකුළුගස්වැව පොලීසියට භාරදීමට ගල්කිරියාගම හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් ක්‍රියාකොට තිබෙනවා.
පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වරදකරුවන් වන අය අතර වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්රියාක්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.