කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි මස 21 වන දා උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පමුණුගම පොලිස් ස්ථානය මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතී.
ඒ අනුව ඊයේ (26) රාත්‍රී කාලයේ රාගම වල්පොල ප්‍රදේශයේදී පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම මනුෂ්‍ය ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් හා විදේශ රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන රාගම, වල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර ඊයේ දිනයේ දී ද මෙම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.