පුත්තලමේ අනතුරකින් දෙදෙනෙක් මරුට
පුත්තලම කල්ලඩි මාර්ගයේ, අට්ටවිල්ලුව බෝධි රාජ අතුරු මාර්ගයේ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත් 6ක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.
ඒ අනුව ඉහත සඳහන් කළ පළාත්වල අද (25) සිට නොවැම්බර් මස 30 වන ඉරිදා දක්වා කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන කෙරෙහි සියලුම ගංගාවල පහත් නිම්නයන්හි පදිංචි ජනතාව හා එම ප්‍රදේශ ඔස්සේ ගමන්කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පුත්තලම කල්ලඩි මාර්ගයේ, අට්ටවිල්ලුව බෝධි රාජ අතුරු මාර්ගයේ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
කිසිම කාරණයක් නිසා ජනවරම පාවා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.