6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල්යයි
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
අද (27), හෙට (28) සහ අනිද්දා (29) දිනවල අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
ඒ අනුව, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාග සඳහා දෙසැම්බර් මස 07, 08 සහ 09 යන දවස් විකල්ප දින ලෙස ලබා දී ඇත.
අද පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 07 වනදාත් හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 08 වනදාත් සහ සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09 වනදාත් පැවැත්වෙන බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.
සියලූම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ විභාග සම්බධීකරණ මධ්‍යස්ථානයන්හි තිබෙන ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසටය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
කිසිම කාරණයක් නිසා ජනවරම පාවා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.