පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව දරුණු මර්දනයක් ගෙන යාම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.

මනුෂ්‍යත්වයට එරෙහි විවිධ අපරාධ සිදු කිරීමට වරදකරු වූ හසීනා, නොමැතිව නඩු විභාගයට ලක් විය.

ඇය බංග්ලාදේශයෙන් පිටුවහල්ව ඉන්දියාවේ ජීවත් වේ.

පසුගිය වසරේ ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමට නියෝග කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිනි ෂීක් හසීනා වගකිව යුතු බවට විශේෂ විනිශ්චය සභාවක් විසින් තීන්දු කළේය.

එක්සත් ජාතීන්ගේ ගණනය කිරීම් අනුව පුද්ගලයන් 1,400 ක් පමණ විරෝධතා අතරතුර මිය ගියහ.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.