උගන්ඩාවේ වාහන කිහිපයක් එකට ගැටී 60කට වැඩියෙන් මරුට
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතනවල නිල කාලය ආරම්භ කිරීමට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සිදුකළ යුතු බැවින් අදාළ අපේක්ෂකයින්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස එම පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක දැනුම් දෙයි.
"ජූනි මස 2 වනදාට පෙර මේ සභාවල කාලය ආරම්භ වෙනවා. ඊට පෙර සභිකයින්ගේ නම් ගැසට් කිරීමේ වගකීම තමා සතුව තිබෙනවා. ඒ සඳහා ඔබගේ නම් ලැබීම ඉතාම වැදගත් වෙනවා. නම් ලබාගැනීමෙන් පසුව ගැසට් කරාට පසුව තමා පුළුවන්කම ලැබෙන්නේ, පළාත් කොමසාරිස්වරුන්ට 50% අඩුවෙන් ජයග්‍රහණය කළ පළාත් පාලනය ආයතන සඳහා සභාපති හෝ නියෝජ්‍ය සභාපති පත්කර ගැනීමට අදාළ මුලික කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ ඉන් අනතුරුව. නම් ගැසට් කිරීමෙන් සතියක් ඇතුළත දී පළාත් භාර කොමසාරිස්වරු මේ කාර්යභාරය කළ යුතු වෙනවා."
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්ව තිබේ.
බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බවත් අක්‍රීයව පැවති සියලුම රජයේ මාර්ගගත සේවා අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට විවෘත බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දෙයි.