පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න - ජනපතිගෙන් මන්ත්රීවරුන්ට උපදෙස්
ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දී තිබේ.