හෙට (16) සිට වැසි වැඩිවෙයි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ධූරයන්ගෙන් ඉවත්වන බව නිල වශයෙන් දැනුම් දුන්නේය.
ඒ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයන්ගේ සියලු නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් සංචාරක අමාත්‍යාංශයේදී අද (09) පැවති මාධ්‍ය හමුවේදී ය.
අභියෝග බාරගැනීම තම ජීවිතයේ අලුත් දෙයක් නොවන බවත්, රටට අවශ්‍ය මොහොතේදී අභියෝග බාර ගැනීම තමන් විසින් සිදුකල බවත් සඳහන් කළ අමාත්‍යවරයා, රටට අවශ්‍යයම මොහොතේ දී තමන් සමඟ සිටිමින් රට වෙනුවෙන් විශේෂ සේවයක් සිදුකොට අමාරු අවස්තාවෙන් රට ගොඩ ගැනීම සඳහා සියලුදෙනා සහය දුන් බවත්, ඒ වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම්වරු ප්රමුඛ සියළු නිලධාරීන්ට අමාත්‍යවරයා සිය විශේෂ ස්තූතිය පළ කළ අතර තව දුරටත් රට වෙනුවෙන් සිය සේවය ලබාදෙන මෙන් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී (16) යළි ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් ඊට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද(15) කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.