පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ දරුවන්ගේ ඡායාරූප, වීඩියෝපට, ඇතුළත් තොරතුරු සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍යන් තුළ ප්‍රචාරණය කිරීමෙන් වළකින ලෙසත්ය.
එසේ සිදු කිරීමෙන් එම දරුවන්ගේ අනන්‍යතාවට සහ පෞද්ගලිකත්වයට හානි වීම සහ එම ඡයාරූප සහ තොරතුරු අවභාවිත කරන ජාවාරම්කරුවන් අතට පත්වීම මෙමගින් සිදුවිය හැකි බවද අමාත්‍යාංශය පවසයි.
මෙමගින් ඔවුන්ගේ තොරතුරු භාවිත කරමින් දරුවන් සූරාකෑම, ජාවාරම් සඳහා භාවිත කිරීම වැනි ක්‍රියාවන් සිදුකරන බවත් සඳහන් කර ඇති අමාත්‍යාංශය පැවසුවේ තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන බවය.
එමෙන්ම අනාරක්ෂිත දරුවන් පිළිබඳව හෝ මෙවැනි ජාවාරම් සිදු කරන තැනැත්තන් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම 1929 දුරකථන අංකයෙන් ළමා උපකාරක සේවය වෙත දැනුම්දෙන ලෙසත් නැතහොත් ආසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හෝ ළමා ආරක්ෂක නිලධාරී දැනුවත් කරන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.