කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අද (14) අත්අඩංගුවට ගෙන තිබෙන බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.
ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදීයි.
ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර, කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සොරා ගෙනවිත් මොහුට ලබා දී තිබෙනවා.
කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරුවක් ලැබීමෙන් ගිය පසුව මෙම ගිනි අවිය පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
ඒ අනුව මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
news19.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.