කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ලිංගික වදහිංසාවලට ලක් වූ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සියලුම මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍යවලින් ඉල්ලීමක් කර තිබේ.
අමාත්‍යවරයා තම x ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, අදාළ වෙද්‍යවරියගේ කිසිදු පෞද්ගලික තොරතුරක් කිසිදු විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍යයක් තුළ ප්‍රසිද්ධ නොකරන ලෙසයි.
වෛද්‍යවරු අද දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක නිරත වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව සඳහන් කළේ, අද(12) මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.
මේ අතර පොලීසිය පැවසුවේ, වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
සැකකරු හඳුනාගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.
ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා යුධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටින බව පොලීසිය පැවසීය.
වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය මුල් කර ගනිමින් අනුරාධපුර රෝහලේ රෝහල් කාර්යය මණ්ඩලය සේවාවවලින් ඉවත්ව ඊයේ (11) විරෝධතාවක් ද ආරම්භ කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.