ප්‍රමිතියකින් තොර ඖෂධ අලෙවි සැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට හමුදා බුද්ධි අංශයට චෝදනා නගමින් යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට් එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
“ මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්න නම් අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබාගන්න ඕනේ. නමුත් අසාද් මවුලානාට ප්‍රකාශයක් ලබාදීමට ලංකාවට පැමිණෙන්න විදිහක් නැහැ විදස් ගමන් තහනමක් තිබෙන නිසා. පොලීසියට සිද්ධ වෙනවා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට අරන් කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන්න. ඒ නිසා ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට විතරක් නෙවෙයි සැලැස්ම වෙලා තියෙන්නේ කෙළින්ම මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කරලා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් සිද්ධ කරන්න. හැබැයි මේ වැඩේ කරගන්න බැහැ මේ විදෙස් ගමන් තහනම තිබෙන නිසා ආණ්ඩුවේ පාස්කු නාටකය ඉදිරියට ගෙනයාමට මේ විදෙස් ගමන් තහනම බාධාවක්. පොලීසියට උපදෙස් ලැබෙනවා ඉහළින් අසාද් මවුලානාගේ නීතිඥයෙක් විදෙස් ගමන් තහනම ඉවත් කරගැනීමට උසාවියට මෝසමක් ඉදිරිපත් කරයි පොලීසිය ඒකට විරුද්ධ නොවී සිටිය යුතුයි. ඒ අනුව පසුගිය ජනවාරි 21 වැනිදා ආණ්ඩුව විසින්ම සූදානම් කළ නීතිඥවරයා කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියේ මෝසමක් ඉදිරිපත් කරලා අසාද් මවුලානාට එරෙහිව තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන්න කියල අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා. ඉහළින් ලැබුණ උපදෙස් නිසා මේ විදෙස් ගමන් තහනම ලබාගන්න සයින්දමරුදු පොලීසියේ නිලධාරීන් එහිදී විරෝධය පළකරන්නේ නැහැ. ඒ අනුව අසාද් මවුලානාට තිබෙන විදෙස් ගමන් තහනම උසාවිය විසින් ඉවත් කරනු ලබනවා.”
“පාස්කු ප්‍රහාරය සිදුකළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ කියල චැනල් 4 නාලිකාව චෝදනාවක් එල්ල කළා අපිට මතකයි. නමුත් ඒ චෝදනාව අතාර්කික පදනම් විරහිත චෝදනාවක් කියන එක ඉමාම් කමිටු වර්තාවේ ඉතාම තාර්කිකව පෙනුම් කළා කියන එක අපි පසුගිය ඔක්තෝම්බර් මාසයේ මේ රටට හෙළිකළා. ඒ ඉමාම් කමිටු වාර්තාව සකස් කළේ කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, විශ්‍රාමික ගුවන් හමුදාපතිවරයෙකු සහ ජනාධිපති නීතිඥවරයෙකු කියන එකත් යළි අපි සිහිපත් කරන්න ඕනේ. අපි ඒ හෙළිදරව්ව කළාට පස්සේ තමන් හදාගත්තු බොරුව අතේ පත්තු වුණු නිසා අලුත් බොරුවක් හදාගැනීමේ උත්සාහයක පහුගිය කාලයේ ආණ්ඩුව දීලා හිටියා. නමුත් තාර්කිකව අලුත් බොරුවක් හදාගන්න බැරිවුණ නිසා අර චැනල් 4 බොරුවම ඉදිරියට අරගෙන ගිහිල්ලා මේ පාස්කු ප්‍රහාරය කළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන්, ඒ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන එන්නයි කියල චෝදනාව නගලා එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානීයා විදිහට කටයුතු කරපු මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුව තුළ තිබෙනවා.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැද අද දින මකුළුගස්වැව පොලීසියට භාරදීමට ගල්කිරියාගම හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් ක්‍රියාකොට තිබෙනවා.
පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වරදකරුවන් වන අය අතර වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්රියාක්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.