කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු තුනක් පවරා ඇත.
ජනවාරි මස 8 වන දින කොළඹ මහාධිකරණයේ දී අදාළ නඩු පවරා ඇති බව එම සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
නඩු අංක HCB/353/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුබපැතුම් පත් 3,000ක් මුද්‍රණය කරවා ගැනීමෙන් රු.128,520ක මුදලක පාඩුවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට දූෂණය නම් වරද සිදුකිරීම, නඩු අංක HCB/354/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු.360,000ක මුදලක් මහවැව වී හේන ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ගෙවීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹ වීමෙන් එකී මුදලක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීම හා නඩු අංක HCB/3552025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු. 494,000ක මුදලක හලාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමකට බැර කිරීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹ වීමෙන් එකී මුදලක පාඩුවක් ආණ්ඩුවට සිදුකිරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීමට එරෙහිව අදාළ නඩු පවරා ඇත.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.