මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පසුගිය 15 වැනිදා පිළිමතලාවේ සිට කොළඹ දක්වා ධාවනය කෙරුණු දුම්රියක විදේශිකයින් සම්බාහන කිරීමේ සිදුවීමට අදාලව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කරයි.
පෞද්ගලික ආයතනයක් දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා සංචාරක අරමුණකින් දුම්රියක් වෙන් කරවාගෙන ඒ තුළ මෙම සම්බාහන ක්‍රියාවලිය කර ඇති අතර, දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ එය මෙරට දුම්රිය සේවාවේ ආයතන රෙගුලාසිවලට පටහැනි බවයි.
කෙසේ වෙතත්, අදාළ සම්බාහන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බවත් ඒ ගැන දැනුවත් වූ වහාම විමර්ශන සදහා අදාළ අංශ දැනුවත් කළ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.