එළඹෙන මහ මැතිවරණය සදහා මෙම පක්ෂය තරග කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ද එම පක්ෂයට එක් වූ අතර ඔහු එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද එම පක්ෂයේ මහමැතිවරණ අපේක්ෂකයෙක් ලෙසට කටයුතු කරයි.
තිලකරත්න ඩිල්ෂාන් පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය දැක්වීමට ඉදිරිපත් වූ අතර ඒ අනුව ඔහුව සමගි ජනබලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙසද පත් කෙරුණි.
කෙසේවෙතත් ජනාධිපතිවරණය අවසන් වී මසක් ගතවන්නටත් පෙර ඔහු සජිත් ප්‍රේමදාස හැර දමා රංජන් රාමනායක සමඟ එක්ව තිබේ.