පළාත් රැසකට දහවල් 1න් පසු වැසි
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික වී තිබේ.
එසේම, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග අද (06) මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
මෑත කාලයේ මෙරට සිදු වූ විශාලතම ඛේදවාචකය වන පාස්කු ප්‍රහාරය කාලයේ වැලි තලාවට යටපත් වුවත්, එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාවද ඇතුළත් බව තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙරට පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා තම අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් බව පැවසූ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම තම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.
දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවැනි ප්‍රහාරයක් සිදු වීද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතින බවත්, දේශපාලන අරමුණක් වෙනුවෙන් අහිංසක ජීවිත සිය ගණනක් අහිමි කළ හැකි නම් එය විශාල ඛේදවාචකයක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙරට දේශපාලනය පවතින්නේ එවන් අන්තයක නම් පළමුවෙන්ම එම තත්ත්වය මුලිනුපුටා දැමිය යුතු බවද ජනධිපතිවරයා අවධාරණය කළේය.
එවකට පැවති රාජ්‍ය යාන්ත්‍රණය ද මෙම ප්‍රහාරයට සම්බන්ධ වුවා දැයි යන සැකයද සමාජයේ පවතින බවත් එවන් තත්ත්වයක් පවතින්නේ නම් අපේ රට සෑම විටම අනාරක්ෂිත මෙන්ම අතිශය භයානක තත්ත්වයක් තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම මෙවැනි ප්‍රහාරයක් හමුවේ සිදු විය හැකි විශාල සමාජ ව්‍යසනය වළක්වා ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් පූජකතුමන්ලාගෙන් ඉටු වූ කාර්යභාරයට නැවත නැවතත් කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.