පළාත් රැසකට දහවල් 1න් පසු වැසි
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නජිත් සඳහන් කලේ මේ වනවිට ඩෙංගු රෝගීන් 38,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20ක රෝගීන් වාර්තා වීම වර්ධනය වී ඇති බවත් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.