පළාත් රැසකට දහවල් 1න් පසු වැසි
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනාධිපතිවරණයේදී පක්ෂය පාවාදුන් කිසිවෙකුට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබානොදෙන බව එම පක්ෂය පවසයි.
එහි මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අද (30) කොළඹ දී කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.
"අපේ පක්ෂය පාවා දීපු කොටසක් ඉන්නවා. ඒ කොටසට දේශපාලන වශයෙන් පත්වෙලා තියෙන තත්ත්වය ගැන මම කතා කරන්න කැමති නැහැ. පක්ෂය පාවාදුන් කිසිම කෙනෙක් නැවත පක්ෂයේ ඉහළ නිලතල ලබාදීමක් හෝ නාමයෝජනා ලබාදීමක් කරන්නේ නැහැ. කිසිම ආකාරයකින් පක්ෂය පාවා දීලා ගිය අයව නම් අපි මේ පක්ෂයට ගන්නේ නැහැ. පක්ෂය තීන්දුවක් ගත්තා. ඉදිරි මහ මැතිවරණයට ලංකාවේ තියෙන සියලුම දිස්ත්‍රික්ක සඳහා පොහොට්ටුව ලකුණ යටතේ තරග කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.