මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කරන්න යයි
කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන, මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කර ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
මිද්දෙණිය ප්‍රදේශයේ දී සොයාගැනුණු අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා බවට "සැක කෙරෙන අමුද්‍රව්‍ය" අඩංගු බහාලුම් දෙකක් සොයාගැනීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන සම්පත් මනම්පේරි නම් අය කෙටි කලක් පොලිස් බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ඔහු දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රවිරාජ් නඩරාජ් ඝාතන සිද්ධිය සම්බන්දව සැකකරුවෙකු බවටද හඳුනාගෙන ඇති බවත්ය.
"මේ සම්පත් මනම්පේරි කියන පුද්ගලයා කාලයක් පොලිස් කොස්තාපල් කෙනෙක් හැටියටත් වැඩ කරලා තියෙනවා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරියෙකු හැටියටත් වැඩ කරලා තියෙනවා පොඩි කාලයක්. රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු හැටියටත් ඔහුව හඳුනාගෙන තියෙනවා. ඒ අනුව ඒ චෝදනා තිබියදී තමයි පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙන්නේ. පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා පමණක් සීමා වෙන්නේ නෑ ඔහු තංගල්ල, මිද්දෙණිය, හම්බන්තොට ඇතුළු මේ ප්‍රදේශවල දේශපාලඥයින් නිතර ගියපු ඇසුරු කරපු පවුලක් තමයි මේ මනම්පේරි පවුල. ඉතිං නාමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ කට්ටියට කරන්න පුළුවන් ලොකුම දේ තමයි මේ සම්පත් මනම්පේරිව පොලීසියට භාර දෙන එක..."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන, මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කර ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
විදේශ රටවලදී මිය යන, ආබාධිත තත්ත්වයට පත් වන සහ අතුරුදන්වීම් ඇතුළු විවිධ ආපදාවන්ට ලක් වන ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.