අද (03) උදෑසන කඳාන පොදු වෙළෙඳ සැල අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවය.

ගිනිඅවියකින් වෙඩි තබා අදාළ වෙඩික්කරුවන් පලා ගොස් ඇති අතර, තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 50ක් වූ කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීම සඳහා යොදා ගත් ගිනිඅවිය පිළිබඳ අනාවරණය කරගෙන නොමැති අතර, වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා දිවංගත අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර මහතා බව පොලීසිය පවසයි.

adaderana.lk

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.