පුවත්

අද රාත්‍රී 10 සිට ඇඳිරි නීතිය

අද රාත්‍රී 10 සිට ඇඳිරි නීතිය

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට්‌ පත්‍රය මගින් 2024.09.21 වන අද දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇත.

ආරක්ෂාව ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

Read More

රනිල්, අනුර, සජිත්, නාමල් ඇතුළු ජනපති අපේක්ෂකයෝ ඡන්දය දුන් අයුරු

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

Read More

පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොකෙරේ

මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු අතර කාබන් පෑන වෙනුවට පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

Read More

ඡන්ද විමසීම සාමකාමියි - මැකො

ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වනවිටත් සාමකාමිව පැවැත්වෙන බවත් සැලකිය හැකි තත්වයේ ගැටළුවක් මතුවී නැති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

Read More

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීන් විසින් දත්ත ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසීය.

Read More

විදුලිය -ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කරයි

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.

Read More

ඡන්ද කාඩ් අදත් ගන්න පුළුවන්

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More