පුවත්

පියුමිට තවත් නඩුවක්

පියුමිට තවත් නඩුවක්

රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

ධම්මික පොහොට්ටු ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන්

මෙරට ලොකුම දේශපාලන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කරන තෙක් බලාසිටින බවත් අපේක්‍ෂකයා ලෙස තමා නම් කළ හොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා අද (5) පෙරවරුවේ පැවසීය.

Read More

ගෝඨා ඒ පවට කර ගැහුව විතරයි - අනුර

2022 වසරේ මෙරට සිදු වූ කඩා වැටීමේ පළමු සහ එකම වග උත්තරකරුවා ගෝඨාභය රාජපක්ෂ ලෙස පෙන්වා දීමට උත්සහ කළ ද එම කඩා වැටීමට දීර්ඝ ඉතිහාසයක් ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

Read More

1700 වතු කම්කරු ගැසට්ටුව අත්හිටුවයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ඊයේ (04) නිකුත් කළේය.

Read More

ජනපති ධුර කාලය විමසන්න - පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

ව්‍යවසායකයෙකු සී.ඩී. ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

Read More

කෙහෙළියගේ මිලියන 93ක බැංකු ගිණුම්වලට තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

Read More

ජනපතිවරණය වළකන පෙත්සමට එරෙහිව ජාජබය මැදිහත් වෙනවා

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට එරෙහි ශේ‍ර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමට එරෙහි පාර්ශ්වකරුවන් ලෙස ජාතික ජන බලවේගය මැදිහත් වන බව එහි නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ‘මව්බිම’ට පැවැසීය.

Read More

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර: ඇප ඉල්ලීමට නීතිපති විරුද්ධ වෙයි

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (ජුලි 4 වැනිදා) කොළඹ මහාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

Read More